මෙම ධීවර යාත්‍රා දෙකේ සිටි ධීවරයින් 11 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
අරාබි මුහුදේ යාත්‍රාකරමින් ඇති මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ධීවර යාත්‍රා දෙකක් පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය නාවික හමුදාවට තොරතුරු ලබාදීමෙන් පසුව ඉන්දීය නාවික හමුදාව සිය නිරීක්ෂණ ගුවන් යානයක් යොදා මෙම ධීවර යාත්‍රා නිරීක්ෂණය කර තිබිණි.
දිගින් දිගටම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙන් ලැබුන තොරතුරු ඔස්සේ ඉන්දීය නාවික හමුදාව නිරීක්ෂණ සිදුකළ අතර පසුව හඳුනාගත් ධීවර යාත්‍රා දෙක පසුගිය 25 වැනිදා සිය භාරයට ගෙන ගත්තේ ය.
අනතුරුව ඔවුන් එම යාත්‍රා සහ මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදාවේ ගජබාහු යාත්‍රාවට භාරදී තිබූ අතර එය කොළඹ වරයාට ළඟාවූයේ අද පෙරවරුවේයි.
ධීවර යාතාවේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 350 කට අධික ප්‍රමාණයක් ඇතැයි නාවික හමුදාව මීට පෙර ප්‍රකාශ කළේ ය.
මෙම මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතයි.