විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට හමුදා ප්‍රධානියාට ගෞරව දැක්වීමේ අරමුණින් පැවති තරගාවලියක අවසන් මහා තරගය අතරතුරදී මෙම සිදුවීම වාර්තා වන බවයි.
එහිදී එක් කණ්ඩායමක් සම්බන්ධයෙන් තරග තීරකයෙකු ලබා දුන් තීරණයකට විරෝධය පල කරමින් ප්‍රේක්ෂකයින් පිරිසක් පාපන්දු පිටියට කඩා වැදී ඇත.
එහිදී ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය හමුවේ කලබල වූ පිරිස් ක්‍රීඩාංගනයෙන් පිටව යාමට උත්සහ කිරීමේදී තෙරපීමක්ද හටගෙන ඇතැයි, විදෙස් වාර්තා වල සදහන්.
තුවාල ලැබූ තවත් පුද්ගලයින් රැසක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ගිනි රාජ්‍යයේ පාලනය මේ වන විට පවතින්නේ එරට හමුදාව යටතේයි.
2021 වසරේදී කුමන්ත්‍රණයක් හරහා එරට හමුදාව රටේ පාලන බලය අල්ලා ගත්තේ ය.