ඩෙංගු අවදානම් ප්‍රදේශ 20 ක් හඳුනා ගැනේ..

ඩෙංගු අවදානම් ප්‍රදේශ 20 ක් හඳුනා ගැනේ..

by Staff writer 02-12-2024 | 6:54 AM

COLOMBO (News 1st) –ඩෙංගු අවදානම් ප්‍රදේශ 20 ක් මේ වනවිට හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ, අයහපත් කාලගුණය පහව යාමත් සමග ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තාවීමේ අවදානමක් පවතින බවයි.

නොවැම්බර් මාසය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 3,178 ක් වාර්තාවී ඇතැයි ඔහු සඳහන් කළේ ය.