පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කළේ, කිසියම් මන්ත්රීවරයෙක් ගිනි අවි ඉල්ලා සිටින අවස්ථාවක ඊට අදාළව නිර්දේශ ලබා දීමට පියවර ගන්නා බවයි.
මන්ත්රීවරුන් 95 දෙනෙකු පමණ මේවන විට නිල නිවාස ඉල්ලා ඇතැයි, පාර්ලිමේන්තු මහලේකම්වරිය පැවසුවා ය.
ඇය සඳහන් කළේ, නිල නිවාස මන්ත්රීවරුන්ට භාරදීම මේ සතිය තුළ සිදුකරන බවයි.
මේවන විට නිවාස 45 ක් පමණ ප්රතිසංස්කරණය කර අවසන්.
සෙසු නිල නිවාස ද කඩිනමින් ප්රතිසංස්කරණයට පියවර ගන්නා බව ඇය පැවසුවා ය.