ෆෙන්ගල් සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළුවෙයි

ෆෙන්ගල් සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළුවෙයි, ලංකාවට සිදුවන බලපෑම අඩුවෙමින් ඇතැයි,කාලගුණය දන්වයි...

by Staff writer 01-12-2024 | 6:53 AM

COLOMBO (News 1st) - නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල් සුළි කුණාටුව, ඊයේ (30) රාත්‍රියේ උතුරු තමිල්නාඩු - පුදුචේරී වෙරළ තීරය හරහා ඉන්දියාවට ඇතුලු වී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉන් දිවයිනට සිදුවන බලපෑම අඩුවෙමින් පවතින බවයි.

උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල සුළං වේගය, පැයට කිලෝමීටර 50 ත් 55 ත් දක්වා ඉහළ යා හැකියි.

මුහුදේ සුළං වේගය ද, පැයට කිලෝමීටර 60 ත් 70 ක් පමණ දක්වා ඉහළ යා හැකියි.

ඒ හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවතදැනුම් දෙනතුරු මුහුදු යෑමෙන් වළකින්නැයි ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක් කරයි.

පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ප්‍රදේශ වල මුහුදු රළ මීටර 2.5 ත් 3 ත් දක්වා ඉහළ යා හැකියි.