ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 131කින් පරාජය කරමින් ය.
සාජාහිදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්රී ලංකා කණ්ඩායමේ නායක විහස් තෙව්මික පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේ ය.
ශ්රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු පුවරුව ක්රියාත්මක වීමට පෙර දවා ගත්තේ ඒ එම් ගසන්ෆර් ය.
දෙවැනි කඩුල්ලට පුලිදු පෙරේරා සමග එක්වූ ශාරුජන් ශන්මුගනාදන් ශතක සබදතාවයක් ගොඩැනැගුවේ ය.
පුලිදු පෙරේරා ලකුණු 53කි.
තම මංගල එක්දින ශතකය වාර්තා කරමින් ශාරුජන් ශන්මුගනාදන් ලකුණු 102ක් රැස් කළේ ය.
ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 243ක් රැස් කළේ ය.
ඇෆ්ගනිස්ථාන පිළිතුරු ඉනිමට ශ්රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලැබුණේ දැඩි අභියෝගයකි.
ඇෆ්ගනිස්ථාන පළමු කඩුළු 5 ලකුණු 54කදී බිද වැටුණේ ය.
පන්දුවාර 28යි පන්දු 2ක් තුළ ඇෆ්ගනිස්ථාන ඉනිම ලකුණු 112කට සීමා කිරීමට ශ්රී ලංකා යොවුන් පන්දු යවන්නන් සමත් විය
ප්රවීන් මනීෂ කඩුළු 3කි.