ඩිෆෙන්ඩර් රථයක් පොලිස් භාරයට

නීති විරෝධී ලෙස එකලස් කළ ඩිෆෙන්ඩර් රථයක් පොලිස් භාරයට..

by Staff writer 01-12-2024 | 5:51 PM

COLOMBO ( News 1st ) - නීති විරෝධී ලෙස එකලස් කළ බව කියන ලැන්ඩ් රෝවර් වර්ගයේ ඩිෆෙන්ඩර් රථයක් කැස්බෑව මාකන්දර ප්‍රදේශයේ ගරාජයක තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ බස්නාහිර පළාත් බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවය.

අදාළ ඩිෆෙන්ඩර් රථයේ චැසි අංකය ව්‍යාජව සලකුණු කර ඇති බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේ ය.

මීට අමතරව රථයේ එන්ජිම සහ අංක තහඩු ද ව්‍යාජ බව  අනාවරණය වී ඇත.

අදාළ ඩිෆෙන්ඩර් රථය මීට අවුරුදු එක හමාරකට පමණ පෙර, මහරගම විහාරස්ථානයක හිමිනමක් විසින් එම ගරාජයට ගෙනවිත් දමා ඇති බව පොලීසිය පැවසුවේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් හිමිනමට සහ තවත් පුද්ගලයෙකුට හෙට (02) දින ප්‍රකාශයක් ලබා දෙන්නැයි දැනුම් දී ඇතැයි , පොලීසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.