ඒ, මාතලේ කොට්ඨාස විමර්ශන ඒකකයේ නිලධාරීන් විසිනි.
සැකකරුවන්, පසුගිය මස 10 වැනිදා, ලග්ගල දේවාලදෙනියේ නිවසකට ඇතුලු වී නිවෙස් හිමියන්ගේ අත්පා ගැට ගසා, එහි තිබූ දේපොළ කොල්ලකා තිබේ.
එහිදී රුපියල් කෝටි එකහාමාරක සහ රුපියල් ලක්ෂ 15 ක මැණික් ගල් දෙකක් ඔවුන් සොරාගෙන තිබේ.
නිවසේ තිබූ රුපියල් කෝටි දෙක ඉක්ම වූ මුදලක් ද, ඔවුන් රැගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
ඒ අනුව සොරාගත් දේපොළවල වටිනාකම, රුපියල් හය කෝටි විසිහත් ලක්ෂයකට ආසන්න වේ.
සැකකරුවන්, කුරුණෑගල, මාතලේ සහ මාකොළ ප්රදේශවල පදිංචිකරුවන්වේ.