COLOMBO ( News 1st ) - ආනයනික ලොකු ළූණු කිලෝග්‍රෑම් එකක් සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙතෙක් පැවැති ආනයනික ලොකු ළූණු කිලෝග්‍රෑම් එකක් සඳහා වන රුපියල් 30ක වෙළඳ භාණ්ඩ රුපියල් 10ක් දක්වා අඩු කිරීමට ඒ අනුව රජය තීරණය කර තිබේ.මෙය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ , ඒ අනුව දේශීය ගොවියා ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ඇති වන පරිදි කෙටිකාලීන පියවරක් වශයෙන් ය.ඒ අනුව දෙසැම්බර් 31 දින දක්වා මෙම බදු අඩු කිරීම ක්‍රියාත්මක බවත් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ මත ඒ සඳහා සුදුසු නීතිමය විධිවිධාන යටතේ කටයුතු කිරීමටත් පියවර ගන්නා බවද මුදල් අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා ඇති රුපියල් 60 ක් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු, වෙනස් කර නැහැ.