දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

2023 -2024 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් වාර්තා Online ඔස්සේ ඉදිරිපත් කිරීමට තිබූ කාලය අදින් අවසන්...

by Staff writer 30-11-2024 | 7:38 AM

COLOMBO (News 1st) –2023 -2024 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් වාර්තා Online ඔස්සේ ඉදිරිපත් කිරීමට තිබූ කාලය අදින් අවසන් වෙයි.  

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊට අදාළ තාක්ෂණික සහය ලබාදීම සඳහා ප්‍රධාන හා ප්‍රාදේශීය කාර්යාලවල විශේෂ කවුළු අද දිනයේත් විවෘත කර ඇති බවයි.

මසකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වසරකට රුපියල් ලක්ෂ 12කට වැඩි ආදායම් ලබන්නන් බදු ගෙවිය යුතුයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියා සිටියේ ඒ අනුව තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාරිකයින්ට Online ඔස්සේ එම වාර්තා ඉදිරිපත් කිරීමට පළමු වරට මෙවර අවස්ථාව දී තිබූ බවයි.

Online ක්‍රමයට එය නිසි ආකාරයෙන් සිදු කිරීමට අපොහොසත් වන පුද්ගලයින්ට කාර්යාල වෙත පැමිණ එම කටයුතු සිදු කර ගත හැකි වෙයි.