ලකුණු 516ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව පන්දුවාර 9 කදී කඩුලු 2ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 39කි.
මෙම තරගය පැවැත්වෙන්නේ ඩර්බන්හිදීයි.
දකුණු අප්‍රිකාව පළමු ඉනිමට රැස් කළ ලකුණු 191ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 42කට දැවී ගියේ ය.
දකුණු අප්‍රිකාව තුන් වැනි දිනය සඳහා අද(29) තරගය ආරම්භ කළේ, කඩුලු 3ක් දැවී ලකුණු 132ක් රැස් කරගෙන සිටියදීයි.
ඒ, වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ නායක ටෙම්බා බවුමා සහ ට්‍රිස්ටන් ස්ටබ්ස්.
ඩර්බන් තණතිල්ලේ ඉවසිලිවන්ත ඉනිමක් ගොඩනැගූ ඔවුන් දෙදෙනාට අභියෝගයක් එල්ල කිරීමට කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් සමත් වූයේ නැත.
ස්ටබ්ස් දෙවැනි ටෙස්ට් ශතකය අද(29) රැස් කළේ ය.
නායක ටෙම්බා බවුමා රැස් කළේ තුන් වැනි ටෙස්ට් ශතකයයි.
ඔවුන් දෙදෙනා දකුණු අප්‍රිකා සිව්වැනි කඩුල්ලට ලකුණු 249ක සබඳතාවක් ගොඩනැගුවේ ය.
ස්ටබ්ස් ලකුණු 122යි.
නායක ටෙම්බා බවුමා ලකුණු 113ක් රැස් කළේ ය.
දකුණු අප්‍රිකාව කඩුලු 5ක් දැවී ලකුණු 366ක් රැස් කරගෙන සිටියදී දෙවැනි ඉනිම අත්හිටුවූයේ ශ්‍රී ලංකාවට ලකුණු 516ක ඉලක්කයක් ලබා දෙමිනි.