ජලයෙන් හානි වූ වගාවලට වන්දි...

වගා බිම් රැසකට ජලයෙන් හානි වූ වගාවලට වන්දි දෙනවා - කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති

by Hashini De Mel 29-11-2024 | 9:08 PM

COLOMBO ( News 1st ) - ගංවතුරෙන් විනාශයට පත් භෝග වර්ග 6ක් සඳහා වන්දි පිරිනමන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, කුරුණෑලදී මධ්‍යයට ප්‍රකාශයක් දෙමිනි.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය, නාමල් කරුණාරත්න,

"තාම දත්ත හරියට ඉදිරිපත් කරන්න අමාරුයි තාම තාමත් ඒ ආපදාව සිද්ධ වෙමින් තිබෙන නිසා සහ වතුර තාම බැහැලා ගිය නැති තත්ත්වය ඇතුලේ. වී අර්තාපල් බඩ ඉරිඟු සෝයා ලොකු ලූණු මිරිස් මේ බෝග හයට අදාළව වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනිවාර්යෙන් අපි කරනවා. වෙනත් බෝග සම්බන්ධයෙන් අපි දත්ත අපි එකතු කරනවා ඒ ජනාතාව පිළිබඳව අපට කරන්න පුළුවන් මොකක්ද කියලා කැබිනට් එකත් ඒකක ජනාධිපතිවරයාත් ඒකක සාකච්චා කරලා මුදල් ප්‍රතිපාදන ගැන බලලා අපි ඒ පිළිබඳව අපි අවධානය යොමු කරනවා අනිවාර්යෙන්ම.