ඒ, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි.
කලා වැවේ සැරිසැරූ දීඝදන්තු එක ලෙසින් නම් තැබූ මේ දැවැන්තයා දෙස් විදෙස් සංචාරක ආකර්ශනය නොඩුව දිනාගත් වන සම්පතකි.
මියයන විට ඇතාගේ වයස අවුරුදු 50 කට ආසන්නයි.
පහුගිය දවස් කිහිපයේ ගල්කිරියාගම, ඉදුරුවැව අවට දකින්න ලැබුණු දීඝදන්තුට දිවි අහිමි වුණේ නීති විරෝධී ලෙස යොදා තිබූ විදුලි රැහැනක් හේතුවෙනි.
ප්‍රදේශයේ සංඝයා වහන්සේලාගේ සහභාගීත්වයෙන්, වන ජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අද(29) පෙරවරුවේ දීඝදන්තු වෙනුවෙන් ආගමික වතාවක් සිදු කළේ ය.
පූජ්‍ය කූඹියන්ගොඩ මෙත්තානන්ද හිමි,
"මේක මහ වටිනා සම්පතක්. ඒ සම්පත මාර විදිහට මේ රටේ විනාස කරන්නේ. මේකට අදාළ බලධාරීන්, විදුලි බල මණ්ඩලය, ඒ වගේම වනජීවී එක මේ කිසිම කෙනෙක් මේවට අවශ්‍ය නීතිරීති හරියට ක්‍රියාත්මක කරන බවක් අපිට පේන්නේ නෑ. මේ සත්තු මේ විදිහට අද පත්වෙලා තියෙන්නෙත් මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් හින්දා. මේ සත්තුන්ගේ වැරදි හින්දා නෙවෙයි. අනාගත පරපුරට ඉදිරියේදී බලන්න වෙන්නේ මේ සත්තුන්ගේ හදපු රූප විතරයි අපිට බලන්න වෙන්නේ."
අනුරාධපුර කලාප භාර, වනජීවී පශු වෛද්‍ය, චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම අද(29) පස්වරුවේ ඇතාගේ මරණ පරීක්ෂණ ආරම්භ කළේ ය.
ඒ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුවයි.
අනුරාධපුර කලාප භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ,
"දීඝදන්තු එක ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදු කරා. එහිදී අනාවරණය වුණේ මෙම ඇතා මියගොස් ඇත්තේ විදුලිසැර වැදීමෙන් බව. වැඩිදුරටත් අපි සාම්පල් අරගෙන රසායනාගාර වෙත යොමු කරනවා. ඒ පරීක්ෂණවලින් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඇතාගේ දළ ඉවත් කරලා අධිකරණයට ඉදිරිපත් කරනවා"
පසුව ඇතාගේ දල සහිත හිස කොටස ගල්කිරියාගම වන ජීවී කාර්යාල භූමියේ මිහිදන් කළ අතර කඳ කොටස ඇතා මිය ගිය ස්ථානයේම මිහිදන් කෙරුණි.
ඇතාගේ මිය යාම සම්බන්ධයේ ඉඩමේ හිමිකරු ලබන 12 දක්වා රක්ෂිත බන්ධානාගාරගත කළේ ය.
ඒ, අද(29) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.