දිවයිනේ ප්‍රදේශ රැසකට නායයෑමේ රතු නිවේදන

දිවයිනේ ප්‍රදේශ රැසකට නායයෑමේ රතු නිවේදන..

by Staff writer 28-11-2024 | 7:36 AM

COLOMBO ( News 1st ) - පවතින අධික වර්ෂාව හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, උඩුනුවර, උඩුදුම්බර, දොළුව, පහතහේවාහැට, හාරිස්පත්තුව, පාතදුම්බර, යටිනුවර, දෙල්තොට, ගඟවටකෝරලය, උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාය යෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇත්තේ, වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි.

මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, අඹන්ඟඟකෝරලය, නාවුල, විල්ගමුව, යටවත්ත, පල්ලේපොල සහ මාතලේ, රත්තොට, ලග්ගල සහ පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නාය යෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කෙරුණි.

මීට අමතරව බදුල්ල, කෑගල්ල, කුරුණෑගල, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නාය යෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

බෑවූම් ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැඩිලෙස විමසිලිමත් විය යුතුය.