ජලාශ රැසක් වාන් දමයි..

ජලාශ රැසක් වාන් දමයි.. මහවැලි ගඟ අවට පහත්බිම්වල වෙසෙන ජනතාවට විමසිලිමත්වන්නැයි උපදෙස්..

by Staff writer 28-11-2024 | 9:01 AM

COLOMBO ( News 1st ) - මහවැලි ජලාශ රැසක් මේ වනවිට වාන් දමන බව මහවැලි අධිකාරිය පවසයි.

බෝවතැන්න, දඹුළුඔය, කලාවැව, රංටැඹේ, ලොග්ගල්ඔය, කොත්මලේ හා වික්ටෝරියා ජලාශ ද මේ වනවිට වාන් දමන බව එම අධිකාරිය නිවේදනය කළේ ය.

ඉදිරි පැය කිහිපය තුළ අධික වැසි ඇද හැලුණහොත් රන්දෙණිගල ජලාශය ද වාන් දමන බව මහවැලි අධිකාරිය පැවසීය.

මෙම ජලාශවල ජලය මහවැලි ගඟට මුදා හරින අතර එහි ජල මට්ටම ඉහළ යා හැකියි.

මේ පිළිබඳ විමසිලිමත්වන්නැයි මහවැලි අධිකාරිය, මහවැලි ගඟ අවට පහත්බිම්වල වෙසෙන ජනතාවට උපදෙස් දෙනු ලබයි.