ඒ, පාරිභෝගික කටයුතු අධිකාරිය කළ විශේෂ වැටලීමකදීයි.
එහිදී නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනය වෙනස් කළ කුරක්කන් ටොන් 22 ක් සහ කූනිස්සන් 975kg ක් සොයාගෙන තිබුණි.
කුරක්කන් 30kg බැගින් වූ ඇසුරුම් 740ක් ඒ අතරට ඇතුළත්ය.
ඉන්දියාවෙන් ආනයනය කළ එම කුරක්කන් තොගයේ නිෂ්පාදිත දිනය ලෙස සඳහන්ව ඇත්තේ, 2024 අගෝස්තු මාසයයි.
එතැන් සිට වසරක් ඇතුළත භාවිත කළ යුතු බව ඉන්දීය නිෂ්පාදකයා එහි සඳහන් කර තිබේ.
නමුත් ලාංකික ආනයනකරු කල් ඉකුත්වන මාසයේ සිට මාස 24ක් ඉදිරියට යොදා කල් ඉකුත්වන දිනය වෙනස් කර තිබුණි.
කූනිස්සන් 5kg බැගින් වූ ඇසුරුම් 195ක ද කල් ඉකුත් වීමේ දිනය වෙනස් කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ ය.