ඉරාන ජාතිකයින් 07කට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම්..

by Staff writer 28-11-2024 | 5:31 PM

 COLOMBO (News 1st) –ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා අද(28) ජීවිතාන්තය දක්වා අද සිරදඬුවම් නියම කළේ ය.

ඒ , 2019 වසරේ කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේදි හෙරොයින් කිලෝග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ය.

චෝදනාවන්ට ඔවුන් වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය ලබා දුන්නේ ය.

2019 වසරේ ජූලි  12 වනදා කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ය.