දකුණු අප්‍රිකාව අසීරු අඩියක...

ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය හමුවේ දකුණු අප්‍රිකාව අසීරු අඩියක...

by Staff writer 27-11-2024 | 9:13 PM

COLOMBO ( News 1st ) - සත්කාරක දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (27) පළමු දිනට පැවැත්වුණි.

අද දිනයට තරගය නතර කරන විට පළමුව පන්දුවට පහර දෙන දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 80ක්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා තීරණ කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

ඒ අනුව දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ ය.

එයිඩන් මාක්‍රම් සහ ටෝනි ඩි සෝසි විසින් දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ කළේ  ය.

දකුණු  අප්‍රිකා මුල් පෙළ කඩුලු 2 ලකුණු 14කදී බිඳ වැටුණි.

දකුණු අප්‍රිකාවේ තුන් වැනි කඩුල්ල ලෙස ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 16කට පිටියෙන් ඉවත් වූ අතර ලහිරු කුමාර එම කඩුල්ල දවා ගත්තේ ය.

ලහිරු කුමාරගේ දෙවැනි කඩුල්ල ලෙස ඩේවිඩ් බෙඩිංහම් ලකුණු 4කට පිටියෙන් ඉවත් විය.

ඒ අනුව ලකුණු  54කදී දකුණු අප්‍රිකා මුල් පෙළ කඩුලු 4 බිඳ වැටුණි.

පන්දුවාර 20යි පන්දු 4ක් අවසානයේදී දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවී ලකුණු 80ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණි.