ඒ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා පවසා ඇත.
ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සැපයීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) සාකච්ඡාවක් පැවැත්වුණි.
විපතට පත් ජනතාව ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා තබාගෙන අවශ්‍ය ආහාර පාන සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා බලධාරීන්ට දැනුම් දෙන්නේ ජනතාවට සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන් කරන ලෙසයි.
අයහපත් කාලගුණය හේතුවෙන් අධි අවධානමක් සහිත උතුරු නැගෙනහිර පළාත් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමටද, මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.
උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ මානසික තත්ත්වය සහ අපහසුතා පිළිබඳ සලකා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ජනාධිපතිවරයා අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
දැනට මසුන් ඇල්ලීමට මුහුදට ගොස් සිටින ධීවර ජනතාව පිළිබඳව සොයා බලා ඔවුන් සුරක්ෂිතව ගොඩබිමට ගෙන ඒමට අවශ්‍ය පහසුකම් ලබාදීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වී ඇත.
විපතට පත් ජනතාව වෙනුවෙන් ගුණාත්මක සේවා සපයමින් එම ජනතාව සම්බන්ධයෙන් පසු විපරම් තොරතුරු ලබා ගැනීමටද කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.