COLOMBO (News 1st) - අධික වර්ෂාවත් සමග දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 මේ වනවිට විවෘත කර තිබේ.
කුරුණෑගල දිස්ත්රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ විරාජ් දිසානායක මහතා සඳහන් කළේ, ඉන් තත්පරයට ඝන අඩි 40107ක් දැදුරු ඔයට මුදා හරින බවයි.
මේ හේතුවෙන් දැදුරු ඔය ජලාශයට පහළ දැදුරු ඔය භාවිත කරන ජනතාව විමසිලිමත් වන්නැයි ඔහු දැනුම් දෙයි.
පොළොන්නරුව දිස්ත්රික්කයට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාපතනය හමුවේ කොළඹ - මඩකලපුව ප්රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා මතුවිය.
ජයන්තිපුර ප්රදේශයේ මාර්ගය ආසන්නයේ පිහිටා තිබූ ගස් දෙකක් වර්ෂාවක් සමග මාර්ගයට කඩා වැටීමත් සමගින් මාර්ගය අවහිර වුණේ ඊයේ රාත්රී 8.30 ට පමණයි.
මාර්ගයට වැටී තිබූ ගස් ඉවත් කිරීම සිදු කළේ, පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් සහ පොළොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් ය.
පවතින අධික වර්ෂාව හමුවේ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 8ක් මේ වනවිට විවෘත කර පවති.
ඉන් තප්පරයට ඝන අඩි 32400ක ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදා හැරේ.
පවතින අධික වර්ෂාව හමුවේ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු සියල්ල මේ වනවිට විවෘත කර තිබේ.
ඉන් තප්පරයට ඝන අඩි 39200ක ජල ධාරිතාවක් මුදා හැරෙන්නේ දැදුරු ඔයටයි.
පහත් බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ද වාරිමාර්ග නිලධාරීන් දන්වා දී ඇත.
මඩකලලුව දිස්ත්රික්කයේ දෙන්කලඩි, කිරාන් ඇතුළු ප්රදේශ රැසක පහත් බිම් ජලයෙන් යට විය.
පවතින අධික වර්ශාවත් සමග කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 10ක් දක්වා විවෘත කිරීමටයි කලාවැව භාර වාරි ඉංජිනේරුවරයා කටයුතු කළේ ය.
එමගින් තප්පරයට ඝන අඩි 10420ක ජල ධාරිතාවයක් කලාඔයට නිකුත් කෙරේ.
ඊයේ රාත්රියේ සිට ඇද හැලෙන වර්ෂාවත් සමග පොළොන්නරුව - මඩකලපුව ප්රධාන මාර්ගය ගල්ලෑල්ල මනම්පිටිය අතර ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවිය.
අනුරාධපුර - කොළඹ ප්රධාන මාර්ගය පුත්තලම 2 කණුව සිරම්බිඅඩිය ප්රදේශයෙන් ගසක් කඩා වැටී තිබේ.
මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා මතුවුණි.
පවතින වර්ෂාවත් සමග කන්තලේ පේරමඩුව ප්රදේශයේ කුඹුරු රැසක් ජලයෙන් යටවිය.
ඊයේ රාත්රියේ ඇදහුලුණු වැසි සමග වැලිමඩ උඩපුස්සලාව මාර්ගයේ කොටසක් ගම්පහ ප්රදේශයෙන් නාය ගියේ ය.
වර්ෂාවත් සමග මුහුදේ රළු වීම හේතුවෙන් ගාල්ල, දොඩංදූව ධීවර වරායෙන් කිසිදු ධීවර බෝට්ටුවක් ධීවර කටයුතු සඳහා පිටත් වුයේ නැත.
පවතින අධික වර්ෂාවත් සමග මැදිරිගිරිය කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 8ක් අඩි දෙක බැගින් විවෘත කර තිබේ.
ඉන් තත්පරයට ගණ අඩි 2310 ක ජලධාරිතාවක් කවුඩුලු ඔයට මුදා හැරේ.