පොලිස් විශේෂ කාර්ය බලකාය දුන් වාර්තාව අනුව පොළොව අභ්‍යන්තරයේ ඇති ලෝහමය ද්‍රව්‍ය කුමක් ද? , යන්න විමර්ශනය කරන ලෙස නියෝග කළ බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.
නිධන් හෑරීමට කිසිදු නියෝගයක් නිකුත් නොකළ බව ද, මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ ය.
ඔහු පෙන්වා දුන්නේ, දිගින් දිගටම එම ස්ථානයේ සිදුකළ කැණීම් හේතුවෙන් මහජනතාවට සිදුවන පීඩාව හා රාජ්‍ය දේපොළවලට සිදුවන හානිය පිළිබඳ අවධානය යොමු කළ බවයි.
මේ අතර නිධන් වස්තු සොයා එම ස්ථානයේ කැණීම් කළ චීවරධාරියෙකු ඇතුලු 12 දෙනෙකු ලබන 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක සටහන් වන්නේ, සැකකරුවන් සිදු කළ කැණීම්, පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කළ ඇති බවට නිරීක්ෂණය වන බවයි.
ඒ අනුව පුරාවිද්‍යා ආඥා පණතින් නඩු ගොනු කරන්නැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලීසියට දැනුම් දී තිබේ.
සැකකරුවන්ට එරෙහිව සතියක් තුළ චෝදනා ගොනුකරන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පොලීසියට නියෝග කළේ ය.
වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ ඉදි වෙමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පසුගිය දා අඛණ්ඩව දින තුනක් කැණීම් සිදු කළ අතර එහිදී කිසිදු වටිනා ද්‍රවයක් සොයා ගැනීමට නොහැකි විය.