තව තවත් සැර වෙන බෙංගාල බොක්ක

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වන ලකුණු

by Staff writer 26-11-2024 | 5:55 PM

COLOMBO ( News 1st ) - බෙංගාල බොක්ක ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතය හෙට (27) වනවිට සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වීමේ අවදානමක් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ දිවයිනේ උතුර, උතුරුමැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි.