විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විරෝධතා අතරතුර ඇති වූ ගැටුම් හේතුවෙන් තවත් 119 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
පන්ජාබ් පළාතේ ඇති වූ ගැටුම් හේතුවෙන් පොලිස් වාහන 22 ක් ගිනිතබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ විරෝධතා අතරතුර පුද්ගලයින් 80 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවය.
පොලිස් සහ පැරාමිලිටරි හමුදා මුර සංචාර සිදු කරන අතර ඉස්ලාමාබාද්හි ප්‍රධාන මාර්ග අවහිර කිරීම්ද සිදු කර ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් විය.
විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට පා ගමනක් කැඳවීමෙන් පසු පසුගිය දින දෙක තුළ බලධාරීන් විසින් ඒ ආශ්‍රිත ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබුණි.