යාපනය, පුත්තලම, කෑගල්ල, මන්නාරම, කිලිනොච්චි, රත්නපුර, ගාල්ල, ත්‍රිකුණාමලය, බදුල්ල සහ මුලතිව් දිස්ත්‍ර්ක්ක ඒ අතර වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ය.
ආපදාවලින් පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 15670 කි.
පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන 55416 ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.
ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ, මන්නාර දිස්ත්‍රික්කයේ ය.
එම සංඛ්‍යාව 43679 කි.
පසුගිය 22 වැනිදා සිට අද (26) උදෑසන 6 දක්වා කාලය තුළ වාර්තා වන අර්ධ නිවාස හානි ගණන 80 කි.
පූර්ණ නිවාස හානියක් ද එම කාලය තුළ වාර්තා වේ.
ස්ථාපිත ආරක්ෂිත මධ්‍යස්ථාන ගණන 20 කි.
ඒවායේ පවුල් 526 ක පුද්ගලයින් 1696 දෙනෙකු රඳවා ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ය.
මේ අතර, අධික වැසි සමග මාදුරුඔය මහා ගංවතුර මට්ටමට ළඟා වී තිබේ.
මේ අතර, පාලමක් ගිලාබැසීම හේතුවෙන් මනම්පිටිය, මහඔය මාර්ගයේ රථවාහන ධාවනය ඇනහිට තිබේ.
අරලගංවිල, බෝගස්හන්දිය ප්‍රදේශයේ පාලමක් එලෙස ගිලාබැසීමට ලක්ව ඇති බව පොලිසිය පැවසුවේ ය.
විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.
මේ අතර බණ්ඩාරවෙල බිඳුණුවැව ප්‍රදේශයේදී බැම්මක් කඩා වැටීමෙන් කාන්තාවක් මියගොස් ඇත.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ. එල් . එම් උදයකුමාර මහතා පැවසුවේ, 61 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති බවය.
අසල තිබූ බැම්මක් නිවසට කඩා වැටීමෙන් අනතුර සිදුව තිබේ.