ක්‍රීඩක වෙන්දේසියේ දෙවැනි දිනය වූ අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයික් කිහිප දෙනෙකුටම ලංසු ඉදිරිපත් විය.
නුවන් තුශාර අද (25) දිනයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 1.6ක මුදලකට මිලට ගත්තේ ය.
එම ලංසුවේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කෝටි 5කට අධිකයි.
ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මුදලකට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මිලට ගත් අතර ශ්‍රී ලංකා මුදලින් ඔහුට හිමිවූ වටිනාකම් රුපියල් කෝටි 2.58ක්.
දුෂ්මන්ත චමීරද ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මුදලකට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මිලට ගත්තේ ය.
ශ්‍රී ලංකාවේ ඒෂාන් මාලිංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මිලට ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 1.2ක මුදලකටයි.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4.14ක්.
කණ්ඩායම් 10ක් එක්වන 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසිය සඳහා ඉන්දීය සහ විදෙස් ක්‍රීඩකයින් 577 දෙනෙකු ලියාපදිංචිව සිටී.
ඊයේ (24) දිනයේදී වෙන්දේසියේ අලෙවි වූ ක්‍රීඩකයින් 72 අතරට විදෙස් ක්‍රීඩකයින් 24 දෙනෙකුද ඇතුළත්.