අද දිනයේදී බුවනේෂ්වර් කුමාර් සහ දීපක් චහල් ඇතුළු ඉන්දීය ක්රීඩකයින් කිහිප දෙනෙක්ට ඉහළ ලංසු හිමි විය.
කණ්ඩායම් 10ක් එක්වන 2025 ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ වෙන්දේසිය සඳහා ඉන්දීය සහ විදෙස් ක්රීඩකයින් 577 දෙනෙකු ලියාපදිංචිව සිටී.
ඊයේ (24) දිනයේදී වෙන්දේසියේ අලෙවි වූ ක්රීඩකයින් 72 අතරට විදෙස් ක්රීඩකයින් 24 දෙනෙකුද ඇතුළත්.
කේන් විලියම්සන්, ග්ලෙන් පිලිප්ස්, අජින්ක්යා රහානේ, මයාන්ක් අග්රවාල් සහ ඇලෙක්ස් කේරි ඇතුළු ප්රබල ක්රීඩකයින් කිහිප දෙනෙකුම අද වෙන්දේසියේ අලෙවි නොවීම විශේශත්වයක් විය.
පන්ජාබ් කිංග්ස් කණ්ඩායම දකුණු අප්රිකාවේ මාකෝ ජැන්සන් මිලට ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 7ක් හෙවත් ශ්රී ලංකා රුපියල් කෝටි 24කට අධික මුදලකටයි.
ඉන්දීය ක්රීඩක තුශාන් දේශ්පාන්ඩේ ඉන්දීය රුපියල් කෝටි 6.5කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට අලෙවි වූ අතර එය ශ්රී ලංකා රුපියල් කෝටි 22කට අධික වටිනානමක්.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඉන්දීය ක්රීඩක ක්රීඩක බුවනේෂ්වර් කුමාර් ඉන්දීය රුපියල් කෝටි 10.75කට මිලට ගෙන තිබේ.
එය ශ්රී ලංකා රුපියල් කෝටි 37කට අධික මුදලක්.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම, ඉන්දීය ක්රිකට් ක්රීඩක මුකේෂ් කුමාර් මිලට ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 8ක් හෙවත් ශ්රී ලංකා රුපියල් කෝටි 27කට අධික මුදලකටයි.
ඉන්දීය ක්රීඩක දීපක් චහල්, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 9.25 මුදලකට මිලට ගත්තා.
එහි මෙරට වටිනාකම සටහන් වන්නේ ශ්රී ලංකා රුපියල් කෝටි 31කට අධික මුදලකටයි.
ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 8ක මුදලකට ආකාශ් දීප් මිලට ගැනීමට කටයුතු කළ අතර ,එය ශ්රී ලංකා රුපියල් කෝටි 27කට අධික මුදලක්.