කාලගුණයෙන් රතු නිවේදන...

කාලගුණයෙන් රතු නිවේදන...

by Hashini De Mel 25-11-2024 | 6:42 PM


COLOMBO ( News 1st ) - දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

අද(25) පස්වරු 04:00ට නිකුත් කරන ලද එම නිවේදයන හෙට(26) පස්වරු 04:00 දක්වා පැය 24ක කාලයක් වලංගුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය අද(25) උදෑසන, මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබිණි.

එම පද්ධතිය අද පෙ.ව 11.30 පමණ වනවිට පිහිටා තිබුනේ ත්‍රිකුණාමලයට කිලෝමීටර 530ක් පමණ එපිටින් ගිණිකොන දෙසින්.

එය ඉදිරි පැය 24 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි, බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර, දිවයිනේ නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.