COLOMBO (News 1st) - රාජ්‍ය ණය කළමනාකරණ පනත හෙට (25) සිට බලාත්මක කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.
රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත, පසුගිය ජුනි 7 වැනි දා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.
රාජ්‍ය ණය ගැනීම, නිකුත් කිරීම සහ ණය සේවාකරණය සඳහා බලය ලබාදීම ඇතුළු නියමයන් රැසක් ඊට ඇතුළත්ය.
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීමට ද පනතින් යෝජිතයි.