බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කළේ, ලුණුගල සිට පස්සර දෙසට යන මාර්ගය එලෙස විවෘත කර ඇති බවයි.
අද පස්වරු 6 දක්වා පමණක් මාර්ගය එම කොටස විවෘතව තැබෙනු ඇති.
හෙට සිට නැවත දැනුම්දෙන තුරු උදෑසන 6 . 30 සිට සවස 6 දක්වා මාර්ගය විවෘත කිරීමට නියමිතව ඇති නමුත්, ඒ සඳහා අවසන් තීරණයක් ගනු ලබන්නේ, තාක්ෂණික ඇගයීම් කටයුතු වලින් අනතුරුව බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ ය.
මේ අතර, එම මාර්ගය භාවිතා කරමින් උසස්පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට විභාග ශාලා වෙත ගමන් කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය හා එක්ව විශේෂ ප්‍රවහන සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත්, අධික වැසි සමග නායයාමේ අවදානමක් මතු වුවහොත් නැවත එම මාර්ගය වසා දැමීමට කටයුතු කරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.