ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ සුබවාදී වාතාවරණයක්

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සුබවාදී වාතාවරණයක් - ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය

by Staff writer 22-11-2024 | 3:06 PM

COLOMBO (News 1st) –ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමත් සමග මෙරට බැංකු පද්ධතියේ පැවති පීඩනකාරී තත්ත්වය පහව යනු ඇතැයි ෆිච් රේටින්ග්ස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසයි.

ඔවුන් නිකුත්කල නවතම වාර්තාවේ සඳහන් වන්නේ රටේ බැංකු වල මෙහෙයුම් තත්ත්වයේ ඇගයීම සහ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්පූර්ණ වීමත් සමග ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් හා දිගුකාලීන දේශීය මුදල් පැතිකඩෙහි යම් දියුණුවක් ඇතිවනු ඇතැයි තමන් පුරෝකතනය කරන බවයි.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් නියෝජිත ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් අද(22) නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ස්වෛරී මූල්‍ය ශක්‍යතාවය හා බැංකු වල මෙහයුම් අතර පවතින්නා වූ සවිමත් සබඳතාවය මත අදාල යහපත් වටපිටාව නිර්මානය වී ඇති බවයි.

මෙම තත්ත්වය ෆිච් රේටින්ග්ස් ශ්‍රේණිගත කිරීම් වලට යටත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වානිජ බැංකු වල ජාතික ශ්‍රේණිගත කිරීම් කෙරෙහි ධානාත්මක ලෙස බලපානු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

එම නියෝජිත ආයතනය අපේක්ෂා කරන්නේ මූල්‍ය හා මූළ්‍ය නොවන තක්සේරු කිරීම් අනුව රටේ බැංකු මත වන ස්වෛරීත්ව පීඩනය සමනය වන පරිදි රටේ සමස්ත ණය පැතිකඩෙහි දියුණුවක් ඇතිවනු ඇති බවයි.

ශ්‍රී ලංකාව තම විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්පූර්ණ කිරීමට ආසන්න බැවින් දේශීය බැදුම්කර හිමියන් සඳහා නියමිත රාමුවට අනුකූලව ප්‍රතිඵලයන් අත්කරගෙන බැංකු මුහුණ දි සිටින අභියෝග සැලකිය යුතු ලෙස අඩුවීමට බලපානු ඇති බවද ෆිච් රේටින්ග්ස් පවසයි.

එම බැංකු වල මූළ්‍ය තත්වය වැඩිදියුණුවී වඩා හොද බාහිර ප්‍රවාහයන් සහ ද්‍රවශීලතාවයන් ආරක්ෂා කිරීමට බැංකු අනුමගනය කරමින් සිටින පියවර හේතුවෙන් විදේශීය හා දේශීය මුදල් සහ ද්‍රවශීලතාවය මත වූ පීඩනය සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවද ඔවුන් නිකුත්කල නිවේදනයේ සඳහන්.