විගණකාධිපතිගෙන් නිවේදනයක්..

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000 ක් වංචා කර ඇති බව විගණනයකින් හෙළිවෙයි..

by Staff writer 22-11-2024 | 3:05 PM

COLOMBO (News 1st) –විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇතැයි විශේෂ විගණනයකින් හෙළිව තිබේ.

විගණකාධිපති WPC වික්‍රමරත්න මහතා සඳහන් කළේ, විදෙස් රටවල රැකියාවල නිරත සුදුසුකම් ලැබූ පුද්ගලයින් රැසකට එම බලපත්‍ර ලැබී නොමැති බවයි.

පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ ‍එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කළ විශේෂ විගණන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවට භාර දි ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

ඉදිරියේදී එය සභාගත කෙරෙනු ඇති.