ඔහු මේ බව සඳහන් කළේ , නිවේදනයක් නිකුත් කරමින් ය.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රවී කරුණානායක මහතාගේ නම, මැතිවරණ කොමිසමට යැවීම සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු පූර්ව දැනුම්දීමක් කර නොතිබුණු බව වජිර අබේවර්ධන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, මහ මැතිවරණයෙන් ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර වලින් එකක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයෙකුට ලබාදීමට එකඟතාවකට පැමිණ තිබූ බවට කෙරෙන ප්‍රකාශයද පදනම් විරහිත බවයි.
නොවැම්බර් මස 16 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී තීරණ කර තිබුණේ නොවැම්බර් මස 19 වැනි දින පැවැත්වෙන සාකච්ඡාවේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර පිරවීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බව යැයි අබේවර්ධන මහතාගේ නිවේදනයේ සඳහන් ය.