ගෝමික උඩුගමසූරිය මහතා අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම්. ඩී. ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්යවරයෙක්.
විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට අදාල පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද(22) ජනාධිපති කාර්යාලයේ දී ඔහු වෙත පිළිගැන්වුවේය.
කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදි සිසුවකු වන ගෝමික උඩුගමසූරිය මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙක්.
අමෙරිකාවේ මිචිගන් වේන් ස්ටේට් විශ්ව විද්‍යාල වෙතින් ආචාර්ය උපාධියද, ටෙක්සාස් සවුත් වෙස්ටර්න් මෙඩිකල් සෙන්ටර් වෙතින් පශ්චාද් ආචාර්ය උපාධිය ද හිමි කර ගෙන තිබේ.
ගෝමික උඩුගමසූරිය මහතා පේටන්ට් බලපත්‍ර රැසකට උරුමකම් කියන අතර, ඔහු අමෙරිකාවේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ගරු සේවයක් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට එක්ව තිබීම විශේෂත්වයක්.