කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ, උතූරු,උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
හෙට දිනය වනවිට ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර , ඉදිරි දින දෙක තුළ නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවද කාලගුණ අනාවැකියේ සඳහන් ය.
එය තවදුරටත් වර්ධනය වෙමින් නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ගමන් කරනු ඇති බවද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.