එහි ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, පසුගිය කාලයේ කමිටු කිහිපයක් හා ජාතක අධ්‍යාපන ආයතනය වැනි ආයතනික ව්‍යුහයන් හරහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධ යෝජනාවලි ඉදිරිපත්ව ඇති බවයි.
කෙසේ වෙතත් එම කිසිදු යෝජනාවලියක් ක්‍රියාත්මක තත්ත්වයට පත්වූයේ නැහැ.
අදාළ යෝජනා හා ක්‍රියා පිළිවෙත් සමාලෝචනයෙන් පසු වත්මන් රජයේ ප්‍රතිපත්ති සමග ගැලපෙන පරිදි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් කඩිනමින් හඳුන්වා දෙන බවද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
සිසුන්ට පීඩනයක් ඇති නොවන නූතන රැකියා වෙළෙඳ පොලට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් බිහි කිරීම වත්මන් රජයේ අරමුණ බවද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කළේ ය.