අසරණ පුංචි පවුලකට ගම්මැද්දෙන් අලුත් නිවසක්

වනඅලි උවදුරු පීඩා විඳින සූරියවැව අසරණ පුංචි පවුලකට ගම්මැද්දෙන් අලුත් නිවසක්

by Staff writer 21-11-2024 | 2:07 PM

COLOMBO ( News 1st ) - හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේ අසරණ පවුලකට නිවසක් ලබා දීමට මුල් ගල් තැබීම අද (21) සිදු විය.

ඒ, ගම්මැද්ද තවත් ව්‍යාපෘතියක් ලෙසයි.

‍හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, කොස්වගාව පාර, වල්සපුගල පදිංචි එච්.එම් සඳමාලි මහත්මිය දෙදරු මවකි.

ඇය සිය සැමියා සමග එක්ව ජිවිතය ගැටගහ ගන්නේ කුලී රැකියාවෙනි.

අවම වශයෙන් දරුදෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සඳහා ද ඒ උපයාගන්නා මුදල ප්‍රමාණවත් නොවේ.

කෙසේ හෝ එදිනෙදා ජිවිතය ගැටගසාගත්තත් ඔවුන්ට ඇති ප්‍රධානතම ගැටලුව නම් හිසට සෙවනක් නොමැති වීමයි.

වන අලි ගහන ප්‍රදේශයක්වන වල්සපුගල ප්‍රදේශයේ පිහිටි ඔවුන් ජීවත්වන නිවස ඉතා අනාරක්ෂිත අබලන් එකකි.

අප හම්බන්තොට ප්‍රාදේශීය වාර්තාකරු විසින් නිව්ස්ෆස්ට් ප්‍රවෘත්ති විකාශය ඔස්සේ මෙම පුවත වර්තා කිරීමට කටයුතු කර තිබුණි.

පසුව ගම්මැද්දෙන් කරන ලද ඉල්ලිමක් අනුව සඳමාලි පවුල වෙත නව නිවසක් ඉදිකරීමට තීරණය කෙරුණි.

ඒ, මෙත්සිලී එර්ලිච් මහත්මියගේ මූල්‍ය අනුග්‍රහකත්නයෙනි.

අද ඊට මුල් ගල් තබනු ලබයි.