විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ, ලියාපදිංචි වීමට දුන් කාලසීමාව තුළ සිසුන් 40000ක් පමණ ලියාපදිංචි වී ඇති බවයි.
ඒ අනුව වෛද්‍ය පීඨ සියල්ලට හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සිසුන් බඳවා ගැනීම සඳහා ඉදිරි පියවර ගැනීමට ලියාපදිංචි ලේඛන යොමු කළ බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
මෙවර විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ සිසුන් සංඛ්‍යාව 43000කට අධිකයි.
ඒ අතුරින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ලියාපදිංචි නොවූ සිසුන් සඳහා වෙනත් සිසුන් කඩිනමින් බඳවා ගැනීමට පියවර ගන්නා බව එම කොමිසම ප්‍රකාශ කළේ ය.