පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි

පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි... පස්සර - ලුණුගල අතර වාහන ධාවනය තවදුරටත් ඇණහිටී...

by Hashini De Mel 19-11-2024 | 7:55 AM

COLOMBO ( News 1st ) - බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

මේ අතර පස්සර සහ ලුණුගල අතර මාර්ගයේ වාහන ධාවනයට 13 කණුව අසළ ප්‍රදේශයෙන් තවදුරටත් බාධා එල්ල වී තිබේ.

ඒ, සිදු වූ නායයෑමෙන් හේතුවෙනි.

ඇණහිට ඇති පස්සර - ලුණුගල මාර්ගයේ ගමනා ගමනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත.

පොලීසිය පැවසුවේ, පස්සර සිට ධාවනය වන බස් රථ 13 කණුව දක්වා සීමා කර ඇති බවයි.

13 කණුවේ නායයෑම සිදු වූ ස්ථානයේ සිට මොණරාගල දක්වා තවත් බස් සේවයක් ක්‍රියාත්මක වේ.

නාය ගිය ස්ථානය හරහා ආරක්ෂිතව, පාගමින් යෑමට ජනතාවට අවස්ථාව සළසා ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය.

මේ වනවිටත් නායයෑමෙන් අවහිර වී ඇති මාර්ගය යළි යථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු ක්‍රියාත්මකයි.