උත්සව සමය කේන්ද්‍ර කර ගෙන විශේෂ වැටලීම්

උත්සව සමය කේන්ද්‍ර කර ගනිමින් දීප ව්‍යාප්තව විශේෂ වැටලීම්- පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය

by Staff writer 19-11-2024 | 7:07 PM

COLOMBO ( News 1st ) - උත්සව සමය කේන්ද්‍ර කර ගනිමින් ලබන 25 වැනිදා සිට දීප ව්‍යාප්තව විශේෂ වැටලීම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

සුපිරි වෙළෙඳසැල් , සිල්ලර වෙළෙඳසැල් , ජංගම ව්‍යාපාරික ස්ථාන එම කාලසීමාව තුල පරීක්ෂා කිරීමට නියමිතයි.

අත්‍යවශ්‍ය භාණ්ඩවලට අමතරව ඇඳුම් පැළදුම් , කල් පවතින භාණ්ඩ සහ විදුලි උපකරණ සම්බන්ධයෙන් ද මෙම කාල සීමාව තුළ විශේෂ අවදානයක් යොමු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ ය.

උත්සවය සමය තුළ පාරිභෝගිකයින්ට ඇතිවන ගැටලු 1977 කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකියි.

ලබන ජනවාරි 15 වැනිදා දක්වා මෙම විශේෂ වැටලීම් ක්‍රියාත්මක වෙයි.