බදුල්ල දිස්ත්රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ, ඊ.එම්.ඒ.එල් උදය කුමාර මහතා සඳහන් කළේ, ඊයේ රාත්රියේ සිදුවූ නායයෑමත් සමඟ මාර්ගයට ගල් සහ පස් කඳු කඩා වැටී ඇති බවයි.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි ඔහු රියදුරන්ට දැනුම් දෙයි.
මාර්ගයට වැටුණු ගල් සහ පස් ඉවත් කිරීමේ කටයුතු ක්රියාත්මකයි.