ඒ, කහතුඩුව පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි.
ඔවුන් සන්තකයේ තිබී විදෙස් ගමන් බලපත්‍ර 66 ක් ද, පොලිස් භාරයට ගෙන ඇත.
රාජගිරිය ප්‍රදේශයේ මාර්ග අසළ රැඳී සිට විදෙස් රැකියා දෙන බව පවසා, ඔවුන් පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබිණි.
රැකියා අපේක්ෂිත පුද්ගලයින් සම්මුඛ පරික්ෂණ සඳහා කැඳවන බව, සඳහන් කරමින් ඔවුන් රුපියල් ලක්ෂ 2 ත් 3 ත් අතර මුදල් ප්‍රමාණයක් ලබාගන්නා බව ද, අනාවරණය වී තිබේ.
ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20 ක් ද, සොයා ගැනිණි.