ඒ නිල සංචාරයක් සඳහාය.
සමිඩාරේ - ජපාන නෞකාව, දිගින් මීටර් 151 ක් වන අතර නැව් මුළුව 199 දෙනෙකුගෙන් සමත්විතයි.
නෞකාව , ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ නාවික අභ්‍යාසයක නිරත වීමටද නියමිතව වෙයි.
මේ අතර, එම නෞකාවේ අණදෙන නිලධාරී කමාණ්ඩ නඔකී කොගා සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් හෙට පැවැත්වීමට ද නියමිතයි.
නෞකාව දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ එහි නැව් මුළු දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද සැලසුම් කර තිබේ.
නෞකාව නිල සංචාරය අවසන් කරමින් නොවැම්බර් මස 19 වන දින දිවයිනෙන් පිටත්ව යනු ඇති.