විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
මේ අතර විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතු ශක්තිමත් කර තිබේ.
ඒ පසුගිය කාලසීමාව තුළ මතුවූ ගැටලු මුල් කරගනිමිනි.
මෙවර උසස් පෙළ විභාගය, ලබන 25 දා සිට දෙසැම්බර් 20 දා දක්වා පැවැත්වීමට සූදානම් කර තිබේ.
ඒ විභාග මධ්‍යස්ථාන 2,312 ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319 කදීයී..
මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, තුන්ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූතුනක් .
ඒ අතරට පාසල් අයදුම්කරුවන්, දෙලක්ෂ පනස්තුන්දහස් තුන්සිය අනූවක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත්.