ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී ය.
කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ද එම අවස්ථාවේ දිවුරුම් දෙන බව, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.
10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය, ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වෙයි.
නවක මන්ත්‍රීවරුන් 175 කට අධික පිරිසකගෙන් මෙවර පාර්ලිමේන්තුව සමන්විතයි.
මෙවර තේරී පත්වූ සෑම මන්ත්‍රීවරයෙකුගේම, තොරතුරු ලබාගැනීම සඳහා විශේෂ කවුළුවක් පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන බව, පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානී රෝහණධීර මහත්මිය සඳහන් කළා ය.
ලබන 19 සහ 20 දිනවල එම කවුළුව විවෘතව පවතී.