පකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කළේ ය.
එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් ශෙබාස් ෂරීෆ් මහතා පවසන්නේ, අනුර කුමාර දිසානායක මහතා ලැබූ ජයග්‍රහණය මෙරට ජනතාව එතුමාගේ දැක්ම සහ නායකත්වය කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳ සාක්ෂියක් බවයි.
දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් පුළුල් කිරීමට පකිස්ථානය කැපවී සිටින බව, එම එක්ස් පණිවිඩයේ සඳහන්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ දෙරටේ සමීප සහ දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තම රජය පකිස්ථානය සමග අඛණ්ඩව කටයුතු කර බවයි.
මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණයට සුබපැතීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ජනධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ඇත.
එක්ස් පණිවිඩයක් තබමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අසල්වැසි ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් ලෙස ඉන්දියාව ජාතික ජන බලවේගය ලැබූ ජන වරමට සුබපතන අතර, දෙරටේ ජනතාවගේ සුබසෙත උදෙසා ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරලීමට කැපවන බවයි.