COLOMBO (News 1st) -
හිටපු ලෝක ශූරයෙකු වන අමෙරිකාවේ මයික් ටයිසන්ට එරෙහි බොක්සිං තරගයෙන් අමෙරිකාවේ ජේක් පෝල් ජය ගත්තේ ය.වට 8කින් සමන්විත වූ තරගය මිලියනයකට වැඩි ප්රෙක්ෂකයන් පිරිසක් සජීවීව නෙට්ෆිලික්ස් ඔස්සේ නැරඹීම විශේෂත්වයකි.
70,000කට වැඩි ප්රේක්ෂක පිරිසක් ඉදිරියේ මෙම තරගය පැවැත්විය.
Youtube ක්රියාකාරිකයෙකු මෙන්ම බොක්සිං ක්රීඩකයෙකු වන ජේක් පෝල් 27 හැවිරිදි වියේ පසු වන අතර මයික් ටයිසන්ගේ වයස අවුරුදු 58කි.
2005 වසරේදී මයික් ටයිසන් බොක්සිං ක්රීඩාවෙන් සමුගැනීමෙන් පසු සහභාගී වූ පළමු තරගය මෙයයි.