COLOMBO (News 1st) -
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද(16) පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකියි.
අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.