ඒ අනුව ,
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට තරග වැදුණු හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරාජයට පත් විය.
හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාටද මෙවර පාර්ලිමේන්තු වරම් හිමිව නැහැ.
ගාල්ල දිස්ත්‍රික්කයෙන්, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ තරග වැදුණු හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාද එක් පරාජිතයෙකි.
හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද මෙවර ඡන්දයෙන් පරාජය විය.
සමගි ජන බලවේගයෙන් තරග කළ හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා තවත් පරාජිතයෙකි.
එම පක්ෂයෙන් පසුගියදා මැතිසබයට පිවිසි බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතාද පරාජිතයින්ගේ ලැයිස්තුවේ සිටී.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායකත්වය දැරූ හිටපු මන්ත්‍රී නිපුණ රණවක මහතාද මෙවෙර පරාජිතයෙකු බවට පත්ව සිටී.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරය හෙබවූ කංචන විජේසේකර මහතාටද මෙවර ජනතා වරම් හිමි වී නැහැ.
සමගි ජන බලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට තරග කළ ප්‍රකට දේශපාලනඥයෙකු වූ, දිස්ත්‍රික් නායක බුද්ධික පතිරණ මහතාද පරාජිතයන් අතර සිටී.
බදුල්ල දිස්ත්‍රික්කයට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් තරග වැදුණු හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පමණක් නොව, හිටපු අමාත්‍යවරයෙකු පාර්ලිමේන්තුවේ සභානායකවරයෙකුද වූ නිමල් සිරිපාල ද සිල්වා යන මහතාද පරාජිතයෙකු බවට පත්ව සිටී.
සමගි ජන බලවේගයෙන් තරග වැදුණු ප්‍රකට දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාද මෙවර පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ නැහැ.
මෙවර මාතලේ දිස්ත්‍රික්කයට තරග වැදුණු හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාටද ජනතා වරම් ලැබී නැහැ.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කළ පළපුරුදු දේශපාලනඥයෙකු හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න,හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හිටපු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන්ද පරාජිතයින් ය.
කළුතර දිස්ත්‍රික්කය සඳහා සර්වජන බලය පක්ෂයෙන් තරග වැදුණු හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ,එක්සත් ප්රජාතන්ත්රවාදී හඩ පක්ෂයෙන් තරග කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ටී.එම් ඩිල්ෂාන් මහතාටද ජනතා වරම් හිමිව නැහැ.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශක, හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාද පරා වී තිබේ.
පුත්තලම දිස්ත්‍රික්කයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ තරග වැදුණු හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාද තවත් පරාජිතයෙකි.
මෙවර පාර්ලිමේත්තු මැතිවරණය සඳහා තරග වැදුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාද පරාජයට පත්ව තිබේ.
හිටපු අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාද සිටින්නේ පරාජිතයින්ගේ ලැයිස්තුවේය.
යාපනය දිස්ත්‍රික්කයට ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් තරග වැදුණු හිටපු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාද මෙවර ඡන්දයෙන් පරාජය වී තිබේ.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් තරග වැදුනු එම්.ඒ.සුමන්තිරන් මහතාද තවත් පරාජිතයෙකි.
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරග කළ අංගජන් රාමනාදන් මහතාටද පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබේ.
මඩකලපුව දිස්ත්‍රික්කයට තමිල් මක්කල් විඩුදෙලෙයි පුලිගල් පක්ෂයෙන් තරග වැදුණු පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාටද පාර්ලිමේන්තුවට පිවිසෙන්නට හැකි වී නැහැ.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් තරග වැදුණු හිටපු ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක ,කොළඹ හිටපු නගරාධිපතිනි රෝසී සේනානායක සහ හිටපු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්ම මහත්මීන්ටද මෙවර පාර්ලිමේන්තු වරම් ලැබී නැහැ.
එමෙන්ම සර්වජන බලයෙන් තරග වැදුණු හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාද පරාජයට පත්ව තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදුණු හිටපු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතාද තවත් පරාජිතයෙකි.
සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඉරාන් වික්‍රමරත්න සහ මනෝ ගනේෂන් යන මහත්ම මහත්මීන්ද ඡන්ද පරාජිතයින් අතරට ඇතුළත් ය.