එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සියලු ඩිපෝ අධිකාරීවරුන් දැනුවත් කර ඇති බවයි.
මැතිවරණ රාජකාරී සඳහා යොදවා ඇති බස් රථ සංඛ්‍යාව, 1300 කට ආසන්නයි.
පෞද්ගලික බස් රථ ධාවනය තරමක් සීමා වන බව, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, බස් රථ 3000 ක් පමණ අද පෙරවරුවේ ධාවනය වන බවයි.
මේ අතර, සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය ද සිදුවන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.