කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වෙබ් අඩවිය යථාතත්තවයට

සයිබර් ප්‍රහාරයකට ලක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය යථාතත්තවයට

by Staff writer 13-11-2024 | 2:57 PM

COLOMBO (News 1st) –කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය යථා තත්තවයට පත් කර තිබේ.

ඒ, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් ය.

එම සංසදය පැවසුවේ, විදෙස් රටක හැකර්වරුන් පිරිසක් විසින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇතැයි, මූලික විමර්ශනවලදී අනාවරණ වූ බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පසුගිය පළමු වැනිදා සයිබර් ප්‍රහාරය එල්ල විය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුම් දීම මත මූලික සයිබර් ආරක්ෂණ තක්සේරු වාර්තාවක් ලබා ගැනිමට කටයුතු කළ යුතු බවද, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසුවේ ය.